ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2026 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය යටතේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තීරණය 2026 මැයි 26 වන අඟහරුවාදා දැනුම් දීමට නියමිත බව නිවේදනය කර සිටී.
ඒ අනුව පවතින එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) දැනට පවතින 7.75% මට්ටමේ නොවෙනස්ව පවත්වා ගෙන යනවා ද නැතහොත් සංශෝධනයක් සිදුකරනවා ද යන්න දැනුම් දීමට නියමිතය.
මීට පෙර අවසන් වරට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පසුගිය මාර්තු 24 වැනිදා රැස් වූ අතර එහි දී පැවති 7.75% මට්ටමේ නොවෙනස්ව එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පවත්වා ගෙන යාමට තීරණය වුණි.
එහිදී ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් පැන නඟින අවිනිශ්චිතතාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, වෙනස්වන දේශීය සහ ගෝලීය ආර්ථික ප්‍රවණතා සහ ඉදිරි දැක්ම පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් එකී තීරණයට එළඹි බවයි.
මේ අතර පවතින උද්ධමනකාරී වාතාවරණය සහ විදේශ විනිමය පීඩනය හමුවේ පොලී අනුපාතිකවල ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් විසින් අනුමාන කර සිටී.
උපුටා ගැනීම : අද දෙරණ





