2026 මැයි මාසයේ පළමු දින 17 තුළ 75,465ක සංචාරකයින් පිරසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
එම අධිකාරිය සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ඒ අනුව වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ථ සංචාරකයින් සංඛ්‍යාව 951,742ක් ලෙස වාර්තා වන බවයි.
මැයි මාසයේ පළමු දින 17 තුළ 32,035 ක එනම් 42%ක සංචාරකයින් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර චීනය, එක්සත් රාජධානීය සහ ඕස්ට්‍රේලියාව ඇතුළු අනෙකුත් රට වලින් පැමිණෙන සංචාරකයින්ගේ සැලකිය යුතු අඩු වීමක් නිරීක්ෂණය කළ හැකිය.



උපුටා ගැනීම : අද දෙරණ


