𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

රුපියල මත පීඩනය තවදුරටත් ඉහළට. ඩොලරය රු. 321 පනී. විකුණුම් මිල රු. 325 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දිනය සඳහා ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 317.86ක් ලෙසත් විකුණුම් මිල රු. 325.53ක් ලෙසත් සටහන් වී තිබේ. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රු. 325 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 22 දිනෙන් පසු පළමු වරට අද දිනයේ දීය.

මේ අතර ඩොලරයේ මධ්‍ය අගය (USD/LKR SPOT Indicative Exchange Rate) අද දිනයේ දී රු. 321.63 ක් ලෙසින් වාර්තා වී ඇත. 2024 ජනවාරි 18 දිනෙන් පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 321 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පවසන්නේ 2026 මුල් මාස 04 අවසානයේ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බවයි. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් වටිනාකම 2026 අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 7,026 සිට ඩොලර් මිලියන 6,759ක් දක්වා 3.8%කින් පහළ ගොස් ඇති මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. එහිදී විදේශ විනිමය සංචිතය 2026 අප්‍රේල් මාසය තුළ දී ඩොලර් මිලියන 6,800 සිට ඩොලර් මිලියන 6,505ක් දක්වා 4.3%කින් අඩු වී තිබේ.

උපුටා ගැනීම : අද දෙරණ