𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ඩොලරයේ විකුණුම් මිල රු. 324 පනී

එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් මෑත කාලයේ වාර්තා වූ ඉහළම අගයයන් වෙත අද (06) දින පැමිණ තිබේ.

ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 316.40ක් ලෙසින් වාර්තා වන අතර විකුණුම් මිල රු. 324.03 ක් ලෙසින් වාර්තා වේ.

2024 ජනවාරි 18 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ ගැනුම් මිල ඊයේ (05) දිනයේ දී රු. 316 සීමාව ඉක්මවා ගිය අතර අද (06) දිනයේ දී ඩොලරයේ විකුණුම් මිල 2024 ජනවාරි 24 දිනෙන් පසු පළමු වරට රු. 324 සීමාව ඉක්මා ගොස් තිබේ.

මේ අතර ඩොලරයේ මධ්‍ය අගය අද (06) දිනයේ දී රු. 319.78 ක් ලෙසින් සටහන්ව ඇත.

පසුගිය සඳුදා (04) ඩොලරයේ මධ්‍ය අගය රු. 319.93 ක් දක්වා ඉහළ ගිය අතර ඊයේ (05) දිනයේ දී එය රු. 319.51ක් දක්වා සුළු වශයෙන් පහළ යාමක් පෙන්නුම් කළේය.

මේ අතර ශ්‍රී ලංක මහ බැංකුව පවසන්නේ 2026 අප්‍රේල් 30 දක්වා කාලසීමව තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 2.9%කින් අවප්‍රමාණය වී ඇති බවයි.

උපුටා ගැනීම : අද දෙරණ