𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

රුපියල තවත් පහළට. ඩොලරය රු. 319 සීමාව ඉක්මවයි

එක්සත් ජනපද ඩොලරයක මධ්‍ය අගය අද (30) දිනයේ දී රු. 319 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙලෙස ඩොලරයේ මිල රු. 319 සීමාව ඉක්මවා ගොස් ඇත්තේ 2024 ජනවාරි 26 දිනෙන් පසු පළමු වතාවට අද (30) දිනයේ දීය.

ඒ අනුව අද දිනයේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පිළිවෙලින් රු. 315.87 ක් හා රු. 323.80ක් ලෙසින් වාර්තා වූ අතර ඩොලරයමෙද්‍ය අගය හෙවත් එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 319.34ක් ලෙසින් වාර්තා වී ඇත.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2026 වසරේ අප්‍රේල් 24 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 2.4%කින් අවප්‍රමාණය වී ඇති බවයි.