𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

DIMO Healthcare  ජාත්‍යන්තර මට්ටමේ ZEISS අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක්  Ninewells Eye වෙත සපයයි

Ninewells රෝහල නවීන අක්ෂි සත්කාර සේවාවන්ට පහසු ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් Ninewells Eye නමින් අති නවීන අක්ෂි සායනික මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇත. මෙම Ninewells Eye නව මධ්‍යස්ථානයේ, ලෝව ප්‍රකට ZEISS සන්නාමයේ නවතම අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් රැසක් DIMO Healthcare ස්ථාපිත කරනු ලැබුවා. මෙය ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රයට ජාත්‍යන්තර මට්ටමේ අක්ෂි සත්කාර පහසුකම් රැගෙන එන වැදගත් පියවරක් ලෙස සැලකේ.

ශ්‍රී ලංකාවේ ZEISS සඳහා නියෝජිතයා ලෙස කටයුතු කරන DIMO Healthcare, මෙම පූර්ණ අක්ෂි සත්කාර මධ්‍යස්ථානය සඳහා  රෝග හඳුනාගැනීමේ නිවැරදිභාවය, ශල්‍යකර්මවල නිරවද්‍යතාවය සහ සෞඛ්‍යය සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට දායක වන සම්පූර්ණ විසඳුම් පෙළක් ලබාදී ඇත.

මෙහි ස්ථාපිත උපකරණ අතර, අක්ෂි ශල්‍යකර්ම සඳහා භාවිත වන  ZEISS OPMI LUMERA 700 ශල්‍ය අන්වීක්ෂය, ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සැලසුම් කිරීම සඳහා භාවිත වන ZEISS IOLMaster 700, ඉතා විස්තරාත්මක අක්ෂි පරික්ෂාවක්  සඳහා භාවිත වන ZEISS CIRRUS 6000 with AngioPlex පද්ධතිය සහ ග්ලෝකෝමා රෝගීන්ගේ දෘශ්‍ය ක්ෂේත්‍රය ඇගයීමට භාවිත වන ZEISS Humphrey Field Analyzer 3 පද්ධතිය ද ඇතුළත් වේ. එසේම, ග්ලෝකෝමා සහ අක්ෂි ස්නායු ප්‍රතිකාර සඳහා භාවිත කළ හැකි ZEISS VISULAS green yag combi with SLT, ප්‍රතිකාර හැකියාවන් තවදුරටත් පුළුල් කර ඇත.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින්, Ninewells රෝහලේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විභාෂ් විජේරත්න මහතා පැවසුවේ, ZEISS හි ජාත්‍යන්තර මට්ටමේ  අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම්, ශක්තිමත් දේශීය විශේෂඥතාව සමඟ ඒකාබද්ධ කර පිරිනැමීමේ හැකියාව හේතුවෙන් DIMO Healthcare මෙම ව්‍යාපෘතිය සඳහා තෝරාගත්  බවයි.  භාවිතා කරන තාක්ෂණය, ස්ථාපනය, පුහුණුව සහ අලෙවියෙන් පසු සේවාවට අමතරව සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ වසර හැටකට අධික අත්දැකීම සහ   දිගුකාලීන ZEISS හවුල්කාරිත්වය  DIMO Healthcare, පිළිබඳව අප තුළ විශ්වසනීයත්වය තවත් වැඩි කළ බව ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා පැවසුවේ, Ninewells Eye සඳහා අති නවීන අක්ෂි වෛද්‍ය තාක්ෂණික විසඳුම් සැපයීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ වෛද්‍ය තාක්ෂණික විසඳුම් ගෙන ඒම පිළිබඳ DIMO හි කැපවීම පිළිබිඹු කරන බවයි. උපකරණ සැපයීමෙන් ඔබ්බට ගොස්, විශ්වාසදායක අලෙවියෙන් පසු සේවාව, සහ නිෂ්පාදකයා විසින් පුහුණු කළ සේවා ඉංජිනේරුවන්ගේ විශේෂඥතාව මඟින් වෛද්‍යවරුන්ට රෝගීන් සඳහා හොඳම ප්‍රතිඵල ලබාදීමට අවශ්‍ය පරිසරය සකස් කරන බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ වසර හැටකට අධික අත්දැකීමක් සහිත DIMO Healthcare, ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණය සහ විශ්වාසදායක දේශීය අලෙවියෙන් පසු සේවාව එකට ගැළපීම මඟින්, රට පුරා සෞඛ්‍යය සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමට අඛණ්ඩව දායක වෙමින් සිටී.