𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ජනපතිගේ චීන සංචාරයෙන් ශ්‍රි ලංකාවට ඩො.බි. 3.7ක දැවැන්ත ආයෝජනයක්

මෙරටට හිමි වු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරයේදී හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර ඛනිජ තෙල් සමාගමක් වන චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් තැබීම සිදු විය.

ඩොලර් බිලියන 3.7ක සෘජු විදේශ ආයෝජනයක් යටතේ සයිනොපෙක් සමාගම මෙරට ඉදිකිරීමට නියමිත මෙම තෙල් පිරිපහදුව තෙල් බැරල් ලක්ෂ 02ක ධාරිතාවකින් යුක්ත වන අතර, මෙයින් ප්‍රමාණයක් අපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

ඉතා ඉක්මණින් මෙහි ප්‍රතිලාභ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට හිමි වෙන බවද ජනාධිපති මාධ්‍ය අංශය පවසන අතර, චීනයෙන් ශ්‍රී ලංකාවට හිමි වු දැවැන්ත ආයෝජනය නිසා මෙරට ආර්ථික වර්ධනයට මෙන්ම ද හම්බන්තොට ප්‍රදේශයේ අඩු අදායම්ලාභී ජනතාවගේ ජීවනෝපායමාර්ග ද ශක්තිමත් වනු ඇත.

තවද, ශක්තිමත් පාලනයක් හා විනිවිඳභාවයෙන් යුතු ආර්ථිකයක් පවතින ශ්‍රී ලංකාවේ ආයෝජනයට චීන ආයෝජකයින්ට හට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර තිබේ.

චීනයේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධානය කර තිබූ “ආයෝජන සැසියේ” ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ

මෙම විශේශ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොන්ග්, චීනයේ ශ්‍රී ලංකා තානාපති මජින්ත ජයසිංහ යන මහත්වරුද සහභාගී විය.

CNTY- China Tianying Inc, China Harbour Engineering Company Ltd,China Communications Construction Company Ltd,China Petrochemical Corporation -SINOPEC Group,Metallurgical Corporation of China Ltd,CCECC-China Civil Engineering Construction Corporation, China Energy International Group Company Ltd,The Guangzhou Public Transport Group,Huawei සහBYD Autoඇතුළු චීනයේ ප්‍රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට සහභාගී වී සිටියහ.