𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

සිංගර් වෙතින්  පාසල් සහ කාර්යාල සඳහා Smartboards

නවීන තාක්‍ෂණයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සවිබල ගැන්වීම සඳහා කැප වී සිටින  සමාගමක් වන Singer, පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම්  සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩිදියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smartboard මාලාවක් පසුගියදා එළිදක්වන ලදී. එය පරිගණකයක් , ප්‍රොජෙක්ටරයක් ​​හෝ ඉලෙක්ට්‍රොනික වයිට්බෝඩ් එකක් ලෙස භාවිතා කළ හැකි අතර ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම තවත් පහසු කරයි.

Smartboard අධ්‍යාපනික සහ කාර්යාලීය අරමුණු සඳහා විවිධ විකල්ප සමඟින් වෙළෙඳ පොලට හඳුන්වා දෙයි. presentations, ලේඛන, වීඩියෝ, සංගීතය සහ තවත් බොහෝ දේ ප්‍රදර්ශනය කිරීමේ හැකියාව මෙයට ඇතුළත් වේ.එහි අභ්‍යන්තර මතකය ලේඛන, පාඩම් සැලසුම් සහ තවත් බොහෝ දේ සඳහා ගබඩාවක් ලෙස  භාවිත කල හැකි බැවින් ඉගැන්වීම සහ කාර්යාල කටයුතු වඩාත් කාර්යක්ෂමව සිදු කළ හැක.මෙම සුවිශේෂී විශේෂාංග හේතුවෙන් Smartboards පන්තිකාමර සහ කාර්යාලීය ශාලා   සඳහා කදිම උපාංගයක් බවට පත් වේ.

සිංගර් (ශ්‍රී ලංකා)  හි සමූහ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා අලුතින් හඳුන්වා දුන් Smartboard පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “නැවත වරක් ලොව ප්‍රමුඛතම Smartboard තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙම නව ඩිජිටල් යුගයේදී  ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සහ ආයතනික කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට මෙම Smartboard තාක්ෂණය හරහා අපට හැකියාව ලැබෙනවා.”

වසර ගණනාවක් පුරා, සිංගර්  විවිධ අධ්‍යාපන ආයතන, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන සහ තවත් ආයතනික සමාජ වගකීම් ව්‍යාපෘති කිහිපයකට  Smartboard  සපයමින් සිටී. එවැනි එක් ව්‍යාපෘතියක් වන්නේ බ‍්‍රැන්ඩික්ස් විසින් ක්‍රියාත්මක කරන ලද ‘Right to Read’ වැඩසටහනයි. අද වන විට සිංගර් විසින් ශ්‍රී ලංකාව තුළ ස්මාර්ට් පන්තිකාමර සහ කාර්යාල 2,500කට වඩා බලගන්වා ඇත.

මෙම Smartboard විවිධ ප්‍රමාණ 4කින්, එනම්  55”, 65”, 75” සහ 85” වලින් ලබා ගත හැකි අතර, Android සහ Windows 10 මෙහෙයුම් පද්ධති සමඟින් ලබා ගත හැකිය. වර්තමානයේදී, සිංගර් විසින් ශ්‍රී ලංකාව තුල   ඩිජිටල් අනාගතයක් ඇති කිරීමේ අරමුණින් පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන සඳහා විශේෂ වට්ටම් පිරිනමයි.සිංගර් විසින් මෙම Smartboard සඳහා වසර 2ක සම්පූර්ණ වගකීමක් සහතික කරයි.මීට අමතරව, පාරිභෝගිකයින්ගේ පහසුව සඳහා, අසමසම අලෙවියෙන් පසු සේවාවක්ද  ලබා දෙයි.

මෙම නව Smartboard  පිළිබඳ වැඩිදුර තොරතුරු (011) 5 400 400 හෝ www.singer.lk ඔස්සේ Singer Customer Care ඔස්සේ ලබා ගත හැක.