𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

හච් “හරිකේන්” සමඟ හරි තෑගි රැසක්

ජංගම දුරකථන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් අතර වඩාත් ප්‍රියතම තේරීම වන හච්,  ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මෙම කාලය සඳහා ගැළපෙන, විශේෂිත දීමනා රැසක් සමඟින් සිය මෙගා රීචාර්ජ් ප්‍රවර්ධන වැඩසටහන හඳුන්වාදෙන ලදී. හච් “හරිකේන්” නමින් හඳුන්වන මෙම වැඩසටහන මඟින් සියලුම හච් පාරිභෝගිකයින්ට ඔවුන් රීලෝඩ් කරන සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි වටිනාකමක් සඳහාම ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් ලබා දේ.

මෙම වැඩසටහනේ සුපිරි ත්‍යාගය වශයෙන් මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් සහ ඉදිරි සති 8 ක කාලය තුළ සතිපතා Yamaha ජෙනරේටර්ස්, Rhoda ස්මාර්ට් ඉලෙක්ට්‍රික් බයික්, සැම්සුන්ග් 5G ස්මාර්ට්ෆෝන්, සැම්සුන්ග් ස්මාර්ට් ඔරලෝසු, Airpods සහ Battery-backed WiFi රවුටර්ස් යන ත්‍යාග දිනාගත හැක.

වර්තමානයේ පවතින අභියෝග හමුවේ පුද්ගලයින්ගේ එදිනෙදා කටයුතු පහසු කිරීමේ අරමුණින් ජෙනරේටර්ස්, ඉලෙක්ට්‍රික් ස්මාර්ට් බයික් සහ Battery-backed WiFi රවුටර්ස් වැනි ත්‍යාග හඳුන්වාදී ඇත. මෙම ඉලෙක්ට්‍රික් ස්මාර්ට් බයික් පැය 4 ක ආරෝපණයකින් කිලෝමීටර 60 ක් දක්වා ධාවනය කළහැකි අතර ජෙනරේටර්ස් පෙට්‍රල් වලින් ක්‍රියාත්මක වීම නිසා පහසුවෙන් ඉන්ධන සපයාගත හැක. පවතින විදුලි කප්පාදුව හමුවේ Battery-backed WiFi රවුටර්ස් මඟින් පැය 6 ක් දක්වා වැඩ හෝ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමේ පහසුකම් සපයයි. සුපිරි ත්‍යාගය වශයෙන් නවතම මහින්ද්‍රා (SUV) මෝටර් රථයක් පිරිනමනු ලබන්නේ වාහන මිලගණන් ඉතාමත් ඉහළ අගයක පවතින සහ නවතම මෝටර් රථ වෙළඳපොළ තුල හිඟ කාලසීමාවක වීමද සුවිශේෂී කරුණකි.

හච් “හරිකේන්” වැඩසටහන සියලුම හච් පාරිභෝගිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වන “ගාස්තු රහිත” වැඩසටහනක් වන අතර සුපුරුදු හච් රීචාර්ජ්  කිරීම් තුළින් ඔවුන්ගේ ජීවිත පහසු කර ගැනීමට මෙමඟින් අවස්ථාව සැලසේ. සෑම රුපියල් 100ක් හෝ ඊට වැඩි රීලෝඩ් කිරීමක් සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් හිමිවන අතර වැඩි ප්‍රවේශයන්, ජයග්‍රහණය කිරීමේ සම්භාවිතාව වැඩි කරයි.

එටිසලාට් ඒකාබද්ධ කිරීමෙන් පසු උසස් තත්වයේ දීපව්‍යාප්ත 4G ආවරණජාල අත්දැකීමක් ලබාදුන් හච්, වෙළඳපොළට සරිලන ස්මාර්ට් පැකේජ හඳුන්වාදෙමින් පුද්ගල ජීවිතවලට ධනාත්මක සහ බලාපොරොත්තු සහගත වෙනස්කම් ඇති කිරීමේ සිය අභිලාශය වෙත ගමන් කරමින් සිටී.