𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

ශ්‍රී ලංකාවේ මී පැණි නිෂ්පාදනයට නව පියවරක්

ශ්‍රී ලංකාවේ පළමු මී මැසි උද්‍යානය බිංගිරිය විහාරගම දේවගිරි රජමහා විහාරස්ථානය ආශ්‍රිතව විවෘත කෙරුණා.

මෙම උද්‍යානය ආරම්භ කරනු ලැබුවේ රටේ මී පැණි අවශ්‍යතාවය තෘප්තිමත් කිරීම සහ මී මැසි පාලනය දියුණු කිරීමේ අරමුණින්ය. දැනට ශ්‍රී ලංකාව මී පැණි අවශ්‍යතාවය සපුරාලීම සඳහා විදෙස් රටවලින් පවා ආනයනය කෙරෙයි.

ඒ අනුව, මෙහි ප්‍රධාන අරමුණු අතරින් එකක් වන්නේ විද්‍යාත්මක හා තාක්ෂණික පදනමකින් යුතු මී මැසි පාලන ක්‍රම පිළිබඳව ජනතාවට ප්‍රායෝගික දැනුම ලබාදීමයි.

මෙම උද්‍යානය, කෘෂිකාර්මික අභිවෘද්ධියකට දායක වන අතර, ඒ සමගම දෙස් විදෙස් සංචාරකයන් සඳහා ආකර්ෂණීය ස්ථානයක් වශයෙන්ද පිළිගැනීමට නියමිත බව සංවිධායකයන් පවසති.