වසර පහකට පසුව 2024 වසරේදී වාර්ෂික සංචාරක පැමිණීම මිලියන 2ක් ඉක්මවා ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසයි.
ඒ අනුව 2024 වසරේ විසිලක්ෂ වැනි සංචාරකයා බැංකොක් සිට පැමිණි UL 403 දරන ගුවන් යානයෙන් 2024-12-06 වන දින පෙරවරුවේ බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ ඇත.
එම සංචාරකයා පිළිගැනීමට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා සමඟ සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා ගුවන්තොටුපලට පැමිණි අතර ඔහු පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ද බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ Silk Route Loungeහි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සංවිධානය කර තිබේ.
මෙය වාර්ෂික සංචාරක පැමිණීම ලක්ෂ 20 ඉක්මවන සිව්වන අවස්ථාව වන අතර මීට පෙර ලක්ෂ 20 ඉක්මවා තිබුණේ 2016, 2017, 2018 වසරවල දී පමණි. 2018 වසරින් පසුව වසරක් තුළ වැඩිම සංචාරකයින් පැමිණීම වාර්තා වන්නේ 2024 වසරේ දීය.
දෙසැම්බර් මාසයේ පළමු දින 26 තුළ සංචාරකයන් 195127ක් පැමිණ ඇත. මීට පෙර එක් මසක් තුළ සංචාරකයන් 250000 ඉක්මවා තිබුණේ 2019 පෙබරවාරි මාසයේ පමණි.ඒ 252,033කි.
විදේශ සංචාරකයන් මුහුණ දුන් ඔන්ලයින් වීසා ගැටලු විසඳීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අමතරව සංචාරක සේවා සපයන්නන් මුහුණ පෑ ගැටලු කඩිනමින් විසඳීමට රජය පියවර ගෙන තිබේ. ඒ අනුව ඉකුත් මාස 03ක කාලය තුළ පමණක් සංචාරකයන් 515,192ක් මෙරටට පැමිණ ඇත.
රටවල් 39කට නොමිලේ වීසා පහසුකම් ලබා දීමට ද රජය කටයුතු කර ඇති අතර ඒ 2025 වර්ෂයේ සංචාරකයන් ලක්ෂ 30ක් මේ රටට ගෙන්වා ගැනීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට වේ.
ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 52,881ක් ලෙසයි.
මීට අමතරව රුසියාවෙන් සංචාරකයින් 35,268ක්, එක්සත් රාජධානියෙන් 18,757ක්, ජර්මනියෙන් 14,703ක් ලෙස දෙසැම්බර් මාසයේ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.