𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

දින 14ක් තුළ විදෙස් සංචාරකයින් 112,415ක් දිවයිනට

2025 වසරේ පළමු දින 14 තුළ දී විදෙස් සංචාරකයින් 112,415ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනය මගින් පෙන්වා දී ඇත.

ජනවාරි මාසයේ පළමු සතියේ සහ දෙවන සතියේ අඛණ්ඩව පනස්දහස ඉක්මවූ සංචාරකයින් පිරිසක් පැමිණ ඇති අතර ජනවාරි 8 වනදා සිට 14 වනදා දක්වා ගත වූ දෙවන සතියේ පමණක් පැමිණි සංචාරකයින් ගණන 57,562කි.

මෙම කාලපරිච්ඡේදය තුළ ඉහළම සංචාරක පැමිණීම අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 19,353 කි.

මීට අමතරව රුසියාවෙන් 17,225 ක්, එක්සත් රාජධානියෙන් 9,178 සහ ජර්මනියෙන් 7,455ක් ලෙස වැඩි සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.