𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Economy

මේ වසරේ සංචාරක ආදායම 59% කින් ඉහළට

මේ වසරේ එනම් 2024 වර්ෂයේ පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ආදායම සියයට 59 කින් වර්ධනය වී ඇත.

මේ අනුව පසුගිය වසරේ (2023) පළමු මාස දහයේදී සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාව උපයන ලද ඇමරිකානු ඩොලර් මිලියන 1593.4ක් වූ ආදායම මේ වසරේ පළමු මාස දහයේදී ඇමරිකානු ඩොලර් මිලියන 2533.7ක් දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

මේ අතර සංචාරක පැමිණීම් ද මේ වසරේ පළමු මාස දහයේදී 1,620,715ක් දක්වා සියයට 44කින් වර්ධනය වී ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.