𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Economy

හිතුවාට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී

ප්‍රධාන වශයෙන් 2025 ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද විදුලි ගාස්තු සංශෝධනයේ දී අපේක්ෂිත ප්‍රමාණයට වඩා පහළට ගැලපීම හේතුවෙන්, මීට පෙර ප්‍රක්ෂේපණය කළ ප්‍රමාණයට වඩා ගැඹුරු අවධමනයක් ඉදිරියේ දී පෙන්නුම් කරනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේවෙතත් 2025 මැද භාගයේ සිට උද්ධමනය ධනාත්මක වනු ඇති බවත්, සුදුසු ප්‍රතිපත්ති ගැලපීම් මගින් සහාය වන මධ්‍ය කාලීනව 5% ක ඉලක්කගත මට්ටම කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව මෙහිදී වැඩිදුරටත් සඳහන් කරයි.

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (CCPI) වාර්ෂික වෙනස මගින් මනිනු ලබන, මතුපිට උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේදී අඛණ්ඩව සිව්වන මාසයටත් ඍණාත්මකව පැවතුනි. මහ බැංකුව පවසන්නේ ඉල්ලුමේ පීඩනය අඩු වුවද, විදුලි ගාස්තු සහ දේශීය ඉන්ධන මිල ගණන් පහළට සංශෝධන මගින් මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බවයි.