𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Economy

වාර්තාගත වූ කොටස් වෙළඳපොළ

කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය.

එහිදී ඉතිහාසයේ මුල්වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16,500 ඉක්මවා ගිය අතර S&P SL20 දර්ශකය ද ඒකක 5,000 සීමාව පළමු වරට පසුකරනු ලැබීය.

එහිදී දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 224.01කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 16,597.16 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 94.71කින් ඉහළගොස් ඒකක 5,056.74 ක් ලෙසත් සටහන් විය.

රු. බිලියන 8.31 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.