𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Economy

දෙසැම්බර් 4 වනදා සිට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා අලෙවි කරයි

වෙළෙඳපොළ තුළ පවතින සහල් අර්බුදයට විසඳුමක් ලෙස දෙසැම්බර් 04 වනදා සිට දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා ජනතාවට අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

එදින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම සහල් කිලෝවක් රුපියල් 220ක මිලක් යටතේ ජනතාවට මිලදී ගත හැකි බවය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

අද (04) සිට මෝල්හිමියන් අපිත් සමග එකඟ වුණා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිල යටතේ ලබාදීමට.”

මෝල්හිමියන් ගෙන්වා රජය සිදුකළ සාකච්ඡාවේදී මෝල්වල තිබෙන සහල් නිදහස් කරන්න බැරි බැංකුවල ප්‍රශ්නයක් තියෙන නිසා කියලා කිව්වා. අන්න ඒකට අපි ඊයේ උත්තරයක් හොයලා දුන්නා. ඒ නිසා අද සිට ඔවුන් අපිට එකඟවෙලා තිබෙනවා දිනකට සහල් කිලෝ ලක්ෂ 2ක් සතොස හරහා සියලුම ජනතාවට රුපියල් 220ක වෙළෙඳපොළ මිලට ලබාදීමට.”