𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Economy

කොටස් වෙළඳපොළ කඩාගෙන වැටෙයි

2025 මාර්තු මාසයේ තෙවන සතියට අද (17) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඇරඹි නමුත් සතියේ ආරම්භක දිනයේ දීම ඒකක 200ක් ඉක්මවූ ප්‍රමාණයකින් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමක් දක්නට ලැබුණි.

අද දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 211.14කින් පහළ ගොස් ඒකක 15,649.30 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 71.77 කින් පහළ ගොස් ඒකක 4,662.66 ක් ලෙසින් වාර්තා විය.

දිනය තුළ සමාගම් 171 ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර ඒ අතුරින් මෙල්ස්ටාකෝප්, NDB, සම්පත් හා DFCC යන බැංකු සමාගම්වල සහ එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතුවිය.

රු. බිලියන 1.27 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබේ.