𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Business

realme වෙතින් විශාල phablet ප්රමාණයේ තිරයක් සහ විශේෂ B&W portrait කැමරාවක් සමඟ C21Y වෙළඳපලට

ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන realme,  විසින් සිය “Dare to Leap” සංකල්පය නැවතත් ඉස්මතු කරමින් විශාලතම ස්මාර්ට් ජංගම දුරකතන තිරයකින් සහ midrange ගණයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් තුලින් ‘flagship standard’ වර්ගයේ කාච තුනක කැමරාව සහිතව එන realme C21Y වෙළඳපලට හදුන්වා දෙන ලදී. රුපියල්  27999.00ක මිලක් සමගින් එන realme C21Y,  දිවයින පුරා Abans, Sinhagiri සහ Dialog ප්‍රදර්ශනාගාර, Daraz realme ප්‍රමුඛ වෙළඳසැල සහ අන්තර්ජාලය හරහා බලයලත් අලෙවිකරුවන්ගෙන් මිලදී ගත හැකිය.

Midrange ගණයට අයත්වන realme C21Y,  විවිධ ආකාරයේ flagship ස්මාර්ට් ජංගම දුරකතන විශේෂාංග රැසකින් සමන්විතය. 32GB විශාල මතකයක් සහිත එය සිම් කාඩ්පත් දෙකක් (සහ එක් SD කාඩ් පතක්) සහිතව කාඩ්පත් 3 ක කට්ටලයකින් සමන්විතය. තවද වේගවත් Fingerprint සංවේදකයකින් සහ facial recognition අංගයෙන් ද සමන්විතය. realme C21Y හි සුවිශේෂීම අංග වන්නේ එහි 89.5% Mini-drop තිරය සහ B&W portrait සඳහා ඉඩ සලසන three lens කැමරාවයි.

realme හි සන්නාම කළමණාකරු රනුර කඩුවෙල මහතා අදහස් දක්වමින් මෙසේ පැවසිය, “realme හි “Dare to Leap” සංකල්පය තුලින් හදුන්වා දුන් නවතම අංගය තමයි මෙම realme C21Y, “Dare to Leap” සංකල්පය තුලින් හදුන්වා දෙන ලද නව්‍යකරණයන් නිසා තමයි අපි අද වන විට ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය බවට පත්වී සිටින්නේ. C21Y හි  විශාල තිරය Screen-to-body 89.5% ක අනුපාතයකින් සමන්විතයි. එසේම එහි පවතින 20: 9 දර්ශන අනුපාතය සහ Mini-drop වලින් සමන්විත IPS LCD 16.5cm (6.5 inch screen) තිරයත් සමඟ එය ස්මාර්ට් ජංගම දුරකතනයකට එහා ගිය උපාංගයක් බවට පත්කරනවා.C21Y TÜV Rheinland සහතිකයටද හිමිකම් කියනවා.මෙම සහතිකය ලබා ගැනීම සඳහා ප්‍රධාන පරීක්ෂණ 23 ක් සම්පූර්ණ කළ යුතු අතර realme C21Y මෙම පරීක්ෂණ සියල්ලම සාර්ථකව සමත්වී තියෙනවා. එසේම C21Y යනු ත්‍රිත්ව කැමරාවක් සමඟ හඳුන්වා දෙන midrange  කාණ්ඩයේ දුරකථන ආකෘතියකි.”

C21Y හි Mini-drop මගින් high resolution ගණයේ ක්‍රීඩා, ශ්‍රව්‍ය හා දෘශ්‍ය අත්දැකීම් ලබා දෙන අතර එමඟින් පරිශීලකයින්ට පුළුල් දර්ශන ක්ෂේත්‍රයකට පිවිසිය හැකිය. Lower resolutions සහ pixel density මගින් ඇතිකරනු ලබන දෘශ්‍ය බාධා අවම කිරීම උදෙසා  C21Y හි තිරය වැඩිදියුණු කරන ලද තාක්ෂණික ක්‍රියාවලියක් සමන්විත අතර  89.5% ප්‍රතිශතයකින් යුත් Mini-drop අංගය මගින් දෘශ්‍ය බාධා අවම කර අඟල් 6.5 විශාල සහ පූර්ණ දර්ශනයක් ලබා දෙයි.

C21Y විසින් consumer electronics සඳහා, සහ ලොව පුරා ප්‍රධාන වෙළඳපලවල් සඳහා කර්මාන්ත ප්‍රමිතියක් ලෙස භාවිතා කරන TÜV Rheinland  සහතිකයට උරුමකම් කියන අතර TÜV Rheinland හි බොහෝ පරීක්ෂණ කොන්දේසි පදනම් වී ඇත්තේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තුන් අවුරුදු ජීවන චක්‍රය මත ය. එය ප්‍රධාන පරීක්ෂණ 23කින් සමන්විත වන අතර එය Daily Use Test (drop, wear සහ tear) 12කින් සහ environment test  (super high and low temperatures, high and low humidity, voltage fluctuations, button life, static elec-tricity, air pressure) 7කින්, තවද Components Reliability Test 4කින් සමන්විතය.

realme C21Y ත්‍රිත්ව කැමරාවක් සමඟ පැමිණෙන බැවින් කැපී පෙනෙන තරඟයක් ලබා දීමට සමත් වෙයි. එහි වීඩියෝ ධාරිතාව 1080p / 30fps දක්වා ඉහළ යයි.එහි f / 2.2ක  ආලෝකයක් සහිත 13MP image sensorය මගින් ඡායාරූප වඩාත් පැහැදිලිව හා දීප්තිමත් ආකාරයට ලබා දෙයි. C21Y හි 4x විශාලනය මඟින් දුරස්ථ ඡායාරූප ලබා ගැනීමට  පාරිභෝගිකයන්ට  හැකියාව ලැබේ. C21Yහි Retro lens සහ B&W lens මගින් කලාත්මක portrait ගණයේ ඡායාරූප නිර්මාණය කල හැකිය. එසේම එහි අඩංගු master portrait අංගය මගින් ඡායාරූප retro film style අංගයට පරිවර්තනය  කල හැකිය. C21Yහි Macro Lens මගින් ඉතා සමීප ඡායාරූප ලබා ගත හැකි අතර ඒ තුලින් සියුම් අංගයන් පවා ඉතා පැහැදිලිලෙස ඡායාරූපගත කරගැනීමට හැකියාව ලබා දෙයි.

බර ග්‍රෑම් 190 ක් පමණ වන realme C21Y, Cross Black සහ Cross Blue  වර්ණවලින් යුක්ත වේ. තවද එහි දෛනික බහුකාර්යයන් සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වැඩි ප්‍රමාණයකින් යුක්ත 5000mAhක බැටරියකින් ද සමන්විතය.