𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

M Power Capital ආයතනය නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ලක්මාල් ජයරත්න පත්කෙරේ

දිවයිනේ ප්‍රමුඛතම ආයෝජන බැංකු සමාගමක් වන M Power Capital ආයතනය විසින් 2023 අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි එහි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස ලක්මාල් ජයරත්න මහතා පත් කරන ලදී. මේ දක්වා එම ධූරයේ කටයුතු කල නවීන් සමරසේකර මහතා කළමනාකරන අධ්‍යයක්ෂක  ලෙස මින් ඉදිරියට කටයුතු කරනු ලබයි.

බැංකු ක්‍ෂේත්‍රයේ වසර 20කට වැඩි අත්දැකීම් සහිත ඉතා දක්ෂ ආයෝජන බැංකුකරුවෙකු වන ඔහු මහජන බැංකුවෙහි ආයෝජන බැංකු කටයුතු ඒකකයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කරන ලදී.  ආයෝජන බැංකුකරණය, ආයෝජන කළමනාකරණය, භාණ්ඩාගාර මෙහෙයුම් සහ ගිණුම්කරණය යන ක්‍ෂේත්‍රයන්හී පුළුල් දැනුම් සම්භාරයක් ඔහු සතු වන අතර ආයෝජන කළඹ කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් ද, ඕස්ට්‍රේලියාවේ ෆෙඩරේෂන් විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් ද හිමි අතර  ඕස්ට්‍රේලියාවේ Certified Practising Accountant සාමාජිකත්වය ද, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකත්වය සහ එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකත්වය ද දරයි.

සිය නව භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් ලක්මාල් මහතා ප්‍රකාශ කළේ, M Power Capital ආයතනය සමඟ සම්බන්ධ වීමට ලැබීම ඔහුට ඉතාමත් ගෞරවයක් සහ ක්‍ෂේත්‍රය තුළ සමාගමට ඇති  කීර්තියත්, සමාගම සතු දක්ෂ තරුණ කාර්ය මණ්ඩලයත් නිසා ආයතනය විසින් සේවාදායකයන්ට ලබාදෙන සේවාවන් තවදුරටත් වැඩිදියුණු කරමින් එක්ව වැඩ කිරීමට බලාපොරොත්තු වන බවයි.

ක්‍ෂේත්‍ර රාශියක විශේෂඥතාවක් ඇති වෘත්තිකයන් පිරිසක් විසින් ස්ථාපිත කරන ලද M Power Capital ආයතනය දශකයකට අධික ඉතා සාර්ථක ගමන්මඟකට උරුමකම් කියයි. සිය නව ප්‍රධාන විධායක නිලදාරීවරයා සමග එක්ව, ඔහුගේ අත්දැකීම්ද උපයෝගී කරගනිමින් නව්‍යකරණයන් ඔස්සේ සේවාදායක පදනම වර්ධනය කරගනිමින් ඉතා ඉහළ හා ඵලදායී සේවාවක් ලබා දීමට M Power Capital ආයතනය අපේක්‍ෂා කරයි.