𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

DIMO Agribusinesses වෙතින් දේශීය කෘෂිකර්මාන්තයේ දියුණුව උදෙසා SMART Micro-Irrigation Solutions

DIMO හි කෘෂිකාර්මික අංශය වන DIMO Agribusinesses දේශීය කෘෂිකාර්මික ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් දැන් දිවයිනේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි නවීන සහ SMART තාක්ෂණයන්ගෙන් සමන්විත Micro-Irrigation Solutions (ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම්) සහ protected cultivation systems (ආරක්ෂිත වගා පද්ධති )හඳුන්වා දී ඇත.

DIMO Agribusinesses, ලොව පිළිගත් ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම් සපයන්නන් වන Rivulis සහ Eurodrip සමඟ හවුල්කාරිත්වයකට පිවිසෙමින් මීට වසර කිහිපයකට පෙරදී මෙම SMART ක්ෂුද්‍ර වාරිමාර්ග විසඳුම් ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී. Rivulis සහ Eurodrip සමාගම් drip tapes, integral drip lines, online drippers, sprinklers, jets, lay flats, filters, valves, ඇතුළු ක්ෂුද්‍ර වාරිමාර්ග පද්ධති, ස්වයංක්‍රීයකරණ පහසුකම් සහ උපාංග රාශියක් ලබා දෙනු ලබයි. මෙම හවුල්කාරිත්වයන් තුළින් ඉහල අස්වැන්නක් ලබා දීමේ අරමුණින් DIMO Agribusinesses සුවිශේෂී වාරිමාර්ග සහ පොහොර පද්ධති දේශීය කෘෂිකර්මාන්තයට හඳුන්වා දෙන ලදී.

DIMO Agribusinesses හි Agri Technology අංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රදීප ජයසිංහ මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “SMART Micro-Irrigation පද්ධති මඟින් ගොවීන්ට තම ඵලදායිතාව මැනවින් කළමනාකරණය කර ගැනීමට හැකියාව ලබා දෙනවා. ශාක වල අවශ්‍යතාවයට සරිලන ජලය සහ පොහොර යෙදීමේදී  හටගන්නා පිරිවැය  අවම කරන ස්වයංක්‍රීය වාරිමාර්ග සහ පොහොර පද්ධති, ඕනෑම ස්ථානයක සිට ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා වාරිමාර්ග පද්ධති වෙත ප්‍රවේශ වීමේ හැකියාව සහ බෝග වලට කාලගුණික තත්ත්වයන්ගෙන් සිදුවන  බලපෑම පාලනය කිරීමේ හැකියාව ලබා දීම තුළින් අවම ශ්‍රම පිරිවැයක් ඇති කිරීම යනාදි අවස්ථාවන් මේ යටතේ දැක්විය හැකිය.”

“වගාකරුවන් සුළු ප්‍රමාණයක් මේ වන විටත් SMART Micro-Irrigation ක්‍රම අනුගමනය කරන නමුත් අනෙකුත් බොහෝදෙනා මෙම තාක්‍ෂණ අනුගමනය කිරීමට උනන්දුවක් දක්වනවා. දේශීය කෘෂිකාර්මික කර්මාන්තයේ වර්ධන සහකරු වශයෙන් DIMO Agribusinesses ඊළඟ පරම්පරාවේ කෘෂිකර්මාන්තය තුළ තිරසාර සංවර්ධනයක් ඇති කිරීමටත් දේශීය ගොවි ප්‍රජාවගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීමටත් කටයුතු කරනවා.” ඔහු තවදුරටත් මෙසේ අදහස් දැක්වීය.

DIMO Agribusinesses දිවයින පුරා පිහිටි ඕනෑම ස්ථානයක වගාකරුවෙකුට සහාය වීම සඳහා අසමසම උපදේශන සහ නඩත්තු සේවා වලින් සමන්විත වේ. පොහොර පද්ධති සඳහා විශේෂයෙන් නිර්දේශ කරනු ලබන ගෝලීය වශයෙන් පිළිගත් 100% water-soluble පොහොර හඳුන්වා දීමටද DIMO Agribusinesses කටයුතු කරන ලදී.

මෙම සියලුම DIMO SMART Micro-Irrigation පද්ධති වසර තුනක වගකීම් කාලයක් සහ දශක අටකට අධික විශ්වාසනියත්වයත් සමඟින් වගාකරුවන් අතට පත්වේ.