𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

DIMO ආයතනය Jeep Performance Centre හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් සහ Jeep රථ සඳහා එකම බලයලත්  බෙදාහරින්නා වන DIMO සිය Jeep රථ පාරිභෝගිකයින් සඳහා වැඩිදියුණු කළ අලෙවියෙන් පසු සේවාවක් ලබා දීමේ අරමුණින් Jeep Performance Centre පසුගියදා දියත් කරන ලදී.  මෙම අවස්ථාවට DIMO හි Jeep රථ හිමියන් විශාල පිරිසක් සහභාගී විය. කොළඹ 14 ,DIMO 800, හි පිහිටි මෙම Jeep Performance Centre තුළින් අලෙවියෙන් පසු සේවාවන් බලාපොරොත්තු වන Jeep රථ හිමියන්ට අවශ්‍ය සියලුම සේවාවන් එකම ස්ථානයකින් ලබා ගැනීමේ හැකියාව ලබා දෙයි.

DIMO අලෙවියෙන් පසු සේවා අංශයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මේ පිළිබඳව මෙසේ සිය අදහස් දැක්වීය. මෙම Jeep Performance Centre යනු අපගේ අලෙවියෙන් පසු සත්කාරක සේවා වැඩිදියුණු කිරීමේ අරමුණින් අප තබන ලද තවත් පියවරක් ලෙස හඳුන්වා දිය හැකිය. අපගේ ප්‍රජාවගේ සිහින හා අභිලාෂයන් බලගන්වන සමාගමක් වශයෙන් මෙම නව සංකල්පය තුළින්  පාරිභෝගික පහසුව වැඩිදියුණු කිරීම අපගේ අරමුණයි.

මෙම Jeep Performance Centre තුළින් Jeep රථ හිමියන්ට පුළුල් පරාසයක අලෙවියෙන් පසු සත්කාරක විසඳුම් ලබා දෙන අතර එයට දිවයින පුරා විහිදුනු පැය 24 තුළම ක්‍රියාත්මක මාර්ගස්ථ උපකාරක සේවා  සහය ද අයත් වේ. මෙම සේවාව ලබා ගැනීම සඳහා Jeep රථ හිමියන් එක් දුරකථන ඇමතුමක් ලබා දීම පමණක් ප්‍රමාණවත් වේ. Mopar අළුත්වැඩියා මාර්ගෝපදේශයට අනුකූලව Mopar පුහුණු තාක්ෂණික විශේෂඥයින් විසින් Mopar නිර්දේශිත මෘදුකාංග, පද්ධති සහ විශේෂ මෙවලම් යොදා ගනිමින් සියලු අලුත්වැඩියාවන් ඉතා ප්‍රවේශමෙන් යුතුව සිදු කරනු ලබයි. අලුත් වැඩියා කටයුතු සඳහා Jeep Performance Centre, නිර්දේශිත Jeep අමතර කොටස් පමණක් භාවිතා කරයි. 

මීට අමතරව, වාහනයේ ක්‍රියාකාරීත්වය සහ පෙනුම යන දෙකම වැඩිදියුණු කිරීම සඳහා විශේෂයෙන් නිර්මාණය කර ඇති Jeep උපාංග රාශියක් ද Jeep Performance Centre පිරිනමනු ලබයි. මෙම සියලුම උපාංග ලොව පුරා Jeep සඳහා නිල අලෙවියෙන් පසු සේවා සපයන්නා වන Mopar විසින් නිර්දේශ කොට ඇත.

මෙම Jeep Performance Centre දියත් කිරීම තුළින් DIMO හි අලෙවියෙන් පසු සේවා සඳහා නව පරිච්ඡේදයක් සනිටුහන් කරයි. මෙය සිය පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සේවාවක් ලබා දීමේ  DIMO හි නොසැලෙන කැපවීමේ කොටසක් ලෙස හැඳින්විය හැකිය. මෙම නව මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ අලෙවියෙන් පසු සේවා අංශය සුවිශේෂී ස්ථානයකට රැගෙන ඒම සඳහා ගන්නා ලද පියවරක් ලෙස ද  දැක්විය හැකිය. DIMO හි Mopar පුහුණු තාක්ෂණික විශේෂඥයින් යටතේ මෙම සේවාවන් සියල්ලම සැපයෙන බැවින් Jeep හිමියන්ට තම Jeep රථයේ අලෙවියෙන් පසු සේවාව පිළිබඳව පුර්ණ විශ්වාසයක් තබා ගත හැකිය. සියලු පහසුකම්වලින් සපිරි මෙම Jeep Performance Centre, Jeep රථ සඳහා නිවහනක් ලෙස හඳුන්වා දිය හැකිය.