𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

හේමාස් සමූහ ව්‍යාපාරය තුළ සනීපාරක්ෂක නැප්කින් බෙදා දීමේ ව්‍යාපෘතිය උදෙසා “Fems ඇය” හි දායකත්වය

2021 මාර්තු මාසයේදී ප්‍රමුඛ පෙළේ කාන්තා සනීපාරක්ෂක සන්නාමයක් වන Fems විසින් සුවිශේෂී අරමුණු දෙකක් සහිතව නව ගමනක් ආරම්භ කරන ලදී. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂක පිළිවෙත් පිළිබඳව කාන්තාවන් දැනුවත් කිරීම සහ පහසු මිලකට ලබා ගත හැකි සනීපාරක්ෂක තුවායක් වෙළඳපොලට හඳුන්වා දීම මගින් ඔවුන් මෙම ගමනට මුල පුරන ලදී.

සිය උත්සාහයන් අපේක්‍ෂිත ප්‍රතිඵලවලට වඩා සාර්ථක ප්‍රතිඵල දක්වමින් සිටින අවධියක, ව්‍යාපාර ලෝකය තුල කඩිනමින් වර්ධනය වන ආයතනයක් වශයෙන්, Hemas සිය කාර්යමණ්ඩලයටම නොමිලේ “Fems ඇය” සනීපාරක්ෂක තුවා පිරිනැමීමේ වැඩසටහනක් මගින් ඔවුන් සිය “Living Our Purpose” සංකල්පය  සිය සේවා ස්ථානය තුලින් ආරම්භ කිරීමට පියවර ගන්නා ලදී. විශේෂයෙන් සිය ආයතනයේ සේවක පිරිස අතර සිටින පිරිමි පාර්ශවය මෙම කර්තව්‍යයට සම්බන්ධ කර ගැනීම මගින් මෙම මාතෘකාව සාමාන්‍යකරණය කිරීමටත් එම පණිවිඩය ඔවුන්ගේ ආයතනික සහ පෞද්ගලික ප්‍රජාව තුල පතුරවා හැරීමටත් කටයුතු කරන ලදී.  පහසු මිලකට උසස් තත්වයෙන්   යුත්  සනීපාරක්ෂක නිෂ්පාදන ලබා දීමේ කාර්යභාරය අතර තුර, ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂාව පිළිබඳ ඉතා වැදගත් කතිකාවතක් ගොඩනගා ගැනීමට සියලුම කණ්ඩායම් සාමාජිකයින්ට මෙහිදී අවකාශය ලැබුණි. ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්‍ෂාව පිළිබඳ දැනුම හිඟ කම සහ ඒ පිළිබද  සමාජය දරන ආකල්පය, මේ පිළිබඳව විවෘතව කථා කිරීමට බොහෝ පුද්ගලයින් පසු බැසීමට ප්‍රධාන හේතුවකි.

The Merrill J. Fernando foundation, the Arka Initiative, Sarvodaya Women’s movement සහ Sarvodaya Fusion  ඇතුළු සමාන අදහස් දරන  සංවිධාන කිහිපයක්ම මෙම “Fems ඇය” මුලපිරීමට සම්බන්ධ වූ අතර ඔවුන් තුල වූ නොසැලෙන කැපවීම හේතුවෙන් මෙන්ම, ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව යන කාලීන වැදගත් මාතෘකාව පිලිබඳ ශ්‍රී ලාංකික කාන්තාවන් දැනුවත් කිරීම මගින් මෙම මුලපිරීම රට පුරා සැලකිය යුතු කාන්තාවන් සංඛ්‍යාවක් වෙත ළඟා විය.

ඔසප්  සෞඛ්‍යය පිළිබඳ  ගොඩනැගී ඇති මිත්‍යාවන් බිඳ දැමීම කාලීන අවශ්‍යතාවයක් වන  අතර ඉහත සඳහන් කළ හේතුන්  සහ ඉහළ මිල නිසාවෙන් ඔසප් වන කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් තවමත් සනීපාරක්ෂක තුවා භාවිතා නොකරන බව Kantar LMRB household සමීක්‍ෂණය මගින් හඳුනා ගෙන ඇත. එම නිසා Fems විසින් ගුණාත්මකභාවය හා ප්‍රමිතීන්ට අනුකූලව පහසු මිලකට සනීපාරක්ෂක තුවායක් හඳුන්වා දෙන ලදී. ” Fems ඇය‘’ යනු කපු මතුපිටකින් යුතු  පියාපත් සහිත සනීපාරක්ෂක නැප්කිනයක්  වන අතර එය දවස පුරා සුවපහසුව සහ උපරිම ආරක්‍ෂාවක් ලබා දෙයි. එසේම පාරිභෝගිකයින්ට උපරිම සුවපහසුවක්  ලබා දීම සහතික කිරීමේ අරමුණින්,  ශ්‍රී ලාංකීය ප්‍රමිතීන්ට අනුකූලව නිපදවා ඇත.

සමාජය තුළ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා  ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිලිබඳ  විවෘතව කථා කිරීමට හැකියාව පැවතිය යුතු බවත්, ඔසප් සෞඛ්‍යය පිළිබඳව නිසි අධ්‍යාපනයක් සමාජය තුල පැවතිය යුතු බවත්,  එමඟින් ඔසප් සෞඛ්‍යය පිළිබඳ ඇති සමාජ දුර්මත අවසන් කල හැකි බවත් Hemas විශ්වාස කරයි. සෑම කාන්තාවක්ම අත්විඳින වඩාත් ස්වාභාවික සංසිද්ධියක් වන මෙම ඔසප් වීමේ ක්‍රියාවලිය සමස්ථ ජනයා අතර  සාමාන්‍යකරණය කිරීමට   පිරිමි පාර්ශවයන්ට  දායක විය  හැකි අතර එමඟින් මුළු සමාජයටම මෙම ක්‍රියාවලියට සහයෝගය දැක්විය හැකිය.

“Fems ඇය” සනීපාරක්ෂක නැප්කින් දිවයින පුරා පිහිටි සිල්ලර සහ නවීන  වෙළඳසැල් වලින් ද මිලදී ගත හැක.එමෙන්ම  Hemas E-stores මගින් ද පාරිභෝගිකයාට  “Fems ඇය” සනීපාරක්ෂක නැප්කින් මිලදී ගැනීමට හැකියාවක් පවතී.

https://hemasestore.com/brand/fems/

හේමාස් පිලිබඳ

Hemas Consumer Brands යනු ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ විශාලතම ශ්‍රී ලාංකීය ආයතනයයි. වසර 70කට අධික උරුමයක් සමඟින්, ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් තුළින් Hemas Consumer Brands පාරිභෝගික හදවත් දිනා ඇත. නව්‍ය කණ්ඩායම්වල සහය ඇතිව සිය ජාත්‍යන්තර  මට්ටමේ නිෂ්පාදන කළඹ හරහා උසස් නිර්මාණය කිරීම මගින් සෞඛ්‍යය සම්පන්න  පුද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට Hemas Consumer Brands සමත් වී ඇත.

ප්‍රමුඛ පෙළේ සන්නාම කිහිපයකින් ශක්තිමත් Hemas Consumer Brands, “Fems ඇය” ‌මුලපිරීම‌,  ‌‌පිළිකා‌ ‌‌රෝගීන්‌ ‌‌සඳහා‌ ‌‌වන‌ ‌‌කුමාරිකා‌ ‌”‌සොඳුරු‌ ‌‌දිරියවන්ති‌ ‌”‌ ‌‌හිසකෙස්‌ ‌ පළඳනා‌ පරිත්‍යාග‌ ‌කිරීමේ‌ ‌‌ව්‍යාපෘතිය ‌‌සහ‌ බේබි ෂෙරමි‌‌ progressive inclusive parenting මුලපිරීම‌ ‌‌වැනි ව්‍යාපෘති ‌‌ගණනාවක්‌ ‌‌අඛණ්ඩව‌ ‌‌සිදු‌ ‌‌කරයි‌.‌ හරිත‌ ‌‌සංකල්පය‌ ‌‌මත‌ ‌‌පදනම්‌ව‌ Hemas Consumer ‌‌සන්නාම‌ ‌‌තනි‌ ‌‌භාවිත‌ ‌‌සැෂේ‌ ‌‌වෙනුවට‌ Dandex Handy, Kumarika Poddi ‌‌ෂැම්පු‌ සහ  Vivya heirloom වැනි සහල්‌ ‌‌පදනම්‌ ‌‌කරගත්‌ ‌ විප්ලවීය නිෂ්පාදන‌  ‌‌වෙළදපොලට‌ ‌හදුන්වා‌ ‌‌දීමට‌ ‌‌සමත්‌ ‌‌විය‌.‌ සියලුම‌ ‌‌ශ්‍රී  ‌‌ලාංකික‌ ‌‌පාරිභෝගික‌ ‌‌ප්‍රජාව සඳහා‌ ‌‌වඩාත්‌ ‌‌තිරසාර‌ ‌අනාගතයක්‌‌ ‌‌ලබා‌‌ ‌‌දීම‌‌ ‌‌උදෙසා‌‌ Hemas Consumer  ‌‌පෙරමුණ‌‌ ‌‌ගනී‌.‌ ‌