𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

හච් Oracle Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කිරීම සාර්ථකව අවසන් කරයි

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, පවතින කොරෝනා වසංගතය හමුවේ සිය නවතම Oracle Fusion Cloud Enterprise Resource Planning (ERP) පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු සාර්ථකව අවසන් කළේ  තවත් එක් සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

වර්තමාන තාක්‍ෂණය Cloud දෙසට ගමන් කරමින් සිටින අවධියක, Oracle ඇතුළු බොහොමයක් ERP පද්ධති තවමත් ආයතනික පරිශ්‍රය තුළ ක්‍රියාත්මක වේ. ඒ අනුව හච් විසින් නව Cloud තාක්ෂණයට අනුගත වීම උදෙසා අනාගතයට සරිලන Oracle Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කරන ලදී.

හච් ශ්‍රී ලංකාහි මව් සමාගම වන CK හචිසන් සමූහය, එහි ගෝලීය නවෝත්පාදන අංශය වන CKH-IOD හරහා මෙම ව්‍යාපෘතිය සඳහා පහසුකම් සපයන ලද අතර, Oracle හි ජාත්‍යන්තර ප්ලැටිනම් හවුල්කරුවෙකු වන EVOSYS Global සමඟ එක්ව LOLC Technologies Limited මේ සඳහා පෙරමුණ ගෙන කටයුතු කරන ලදී. තවද මෙම වැඩසටහන සඳහා අවශ්‍ය විශේෂඥ උපදේශන සේවා දායකත්වය PWC-Sri Lanka සමාගම මඟින් ලබාදෙන ලදී.

හච් හි ප්‍රධාන මූල්‍ය නිලධාරී ලලිත් ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින් මෙලෙස පවසා සිටියේය. “Oracle Fusion Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කිරීම මඟින් ගෝලීය වශයෙන් විශිෂ්ට භාවිතයන්ට අනුගත වෙමින්, අපගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ව්‍යාපාරය පරිවර්තනය කිරීමට අපට අවස්ථාව සලසයි. Oracle ERP පද්ධතිය යනු අති නවීන උසස් සේවාවන්ගෙන් පරිපුර්ණ Cloud ERP කට්ටලයක් වන අතර කාර්යන් ස්වයංක්‍රීය කිරීමට අවශ්‍ය AI තාක්ෂණය, තත්‍ය කාලීන වෙළඳපල මාරුවීම් වලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය විශ්ලේෂණයන්, දැනට පවතින සහ තරඟකාරී වාසියක් ලබා ගැනීමට අවශ්‍ය ස්වයංක්‍රීය යාවත්කාලීන කිරීම් අපට ලබා ගතහැක.”

වෙළෙන්දන් සහ ව්‍යාපෘති උපදේශකයින්හට ආයතනික පරිශ්‍රය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවකාශයක් නොලැබුණු කොරෝනා වසංගත කාලය තුළ මෙම ERP පද්ධතිය නියමිත වේලාවට සාර්ථක ලෙස ක්‍රියාත්මක වීම වඩාත් ආකර්ෂණීය විය.

Oracle Fusion මොඩියුලය, Oracle Fusion Supply Chain, Oracle Fusion Finance, සහ Oracle Integration Cloud (OIC) වලින් සමන්විත වේ. මෙම සියල්ල එක්ව හොඳම භාවිතයන්, නවීකරණය කරන ලද ප්‍රධාන මෙහෙයුම් සහ මූලික මෙහෙයුම් සහ ව්‍යාපාර ආධාරක පද්ධති (OSS/BSS) ඒකාබද්ධ කරමින් ස්වයංක්‍රීය මූල්‍ය සහ සැපයුම් දාම ව්‍යාපාරික ක්‍රියාකාරකම්වලට ඉඩ සලසන ඒකාබද්ධ අත්දැකීමක් ලබා දෙයි. මෙමඟින් ඉක්මනින් වෙනස් වන ටෙල්කෝ පරිසරයක් තුළ තීරණ ගැනීමේ ගුණාත්මකභාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කරගත හැක.

2019 දී සිදුකරන ලද එටිසලාට් ලංකා සමඟ හච් ඒකාබද්ධ කිරීමේ නවතම පියවර මෙම ERP ව්‍යාපෘතිය වන අතර මෙය විශිෂ්ට 4G ආවරණ ජාලයක් යෙදවීම සහ ඉන් පසු එහි කාර්යාල මෙහෙයුම් සම්පූර්ණයෙන් ඩිජිටල්කරණය කිරීම ඇතුළු සමස්ත මෙහෙයුම් නවීකරණය කිරීමට හේතු විය. මෙමගින් සිය  පාරිභෝගිකයින් හට වඩාත් පහසු මිලට හොඳම ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් අත්දැකීමක් අඛණ්ඩව ලබා දීමට හච් සමත්වනු ඇත.

ඡායාරූප විස්තරය

Oracle Cloud ERP පද්ධතිය ක්‍රියාත්මක කිරීමේ කණ්ඩායම සමඟ හච් සහ LOLC Technology Limited නියෝජිතයින්.