𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

හච් වෙතින්, COVID 19 නිසා පීඩාවට පත් රටපුරා පාරිභෝගිකයින්ට දිනපතා සහන රීලෝඩ් දීමනාවක්

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි.

එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක ඇති පාරිභෝගිකයන් වෙනුවෙන් සහන රීලෝඩ් දීමනාවක් පිරි නැමීමට කටයුතු කෙරේ. මෙම සහන රීලෝඩ් දීමනාව එනිටයිම් ඩේටා, ජාලගත ඇමතුම් හා එස්. එම්. එස්. සඳහා භාවිතා කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාවේ COVID 19 වෛරසය පැතිරීම පාලනය කිරීමේ අරමුණින් රට පුරා ඇඳිරි නීතිය පැනවීමත් සමග බොහෝ පාරිභෝගිකයෝ සිය දුරකතන ගිණුම් සඳහා රීලෝඩ් කර ගැනීමේ දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති. සියලු හච් පෙර ගෙවුම් පාරිභෝගිකයින් හට මෙම කාලය තුළ අඛණ්ඩ දුරකතන සබඳතාව පවත්වා ගැනීම පිණිස මෙම අතුරු දීමනාව හච් වෙතින් පිරි නැමෙයි. *288# අංකනය කිරීමෙන් පාරිභෝගිකයින් හට මෙම සහන රීලෝඩ් දීමනාව ලබා ගත හැකි වන අතර, එය 2020 මාර්තු 26 වැනිදා සිට 2020 මාර්තු 31 වැනිදා දක්වා වලංගු වේ.

“අපගේ බොහෝ පාරිභෝගිකයින්ට තමන්ගේ දුරකතනවලට සුපුරුදු ආකාරයට මුදල් රීලෝඩ් කර ගැනීමට හෝ අන්තර්ජාලය මගින් රීලෝඩ් කිරීමට හැකියාවක් නැති බව අපිට වැටහෙනවා. මෙම සහන රීලෝඩ් දිමනාව පාරිභෝගිකයින් වෙනුවෙන් සම්පූර්ණයෙන්ම නොමිලේ පිරි නැමෙන දීමනාවක්. එය ණය මුදලක් නොවන නිසා, නැවත ගෙවීමක් ගැන පාරිභෝගිකයින් කණගාටු විය යුතු නැහැ. සිය නිවෙස්වල ආරක්ෂිතව සිටින අතරතුර, සිදුවන දේ පිළිබඳව දැනුවත් වී සිටීම සඳහා අවහිරයකින් තොරව සම්බන්ධතාවය පවත්වා ගැනීමට මෙම ප්‍රතිලාභය මගින් අපගේ පාරිභෝගිකයින් හට අවස්ථාව සැලසෙන බවට අපි විශ්වාස කරනවා. ඒ වගේම, මෙම වැඩපිළිවෙල වෙනුවෙන් ක්ෂණිකව සහය දැක්වීම පිළිබඳව ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම වෙත මගේ ස්තුතිය පිරි නැමීමටත් මම කැමතියි.” හච් ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා සඳහන් කළේය.

එමෙන්ම හච් මේ වන විටත් ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම සමග සම්බන්ධ වී, සිය පාරිභොගිකයින්ට COVID 19 වෛරසය පැරදවීම සඳහා ශක්තිමත්ව හා ආරක්ෂිතව සිටීම දිරිමත් කරමින්, ‘Work from Home’ තේමාව යටතේ, අසීමිත අන්තර්ජාල පහසුකම් හා UTube පැකේජ, එනිටයිම් ඩේටා පැකේජ, දුරකතන ඇමතුම් සඳහා වැඩි කළ ණය මුදල්, මුදල් ගෙවීමේ විකල්ප විද්‍යුත් චැනල, OTT පදනම් කර ගත් නවතම පාරිභෝගික සේවා චැනල මෙන්ම, විශ්ව විද්‍යාල සිසුන්ට eLearn සේවාව සඳහා නොමිලේ ප්‍රවේශ වීමේ පහසුකමද ඇතුළත්ව පහසු හා කාලීන වැඩසටහන් ගණනාවක්ම ක්‍රියාත්මක කර තිබේ. ‘Work from Home’ වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු www.hutch.lk වෙබ් අඩවියට ප්‍රවේශ වීමෙන් ලබා ගත හැකිය.