𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

පැල්වත්තෙන් සිය පාරිභෝගිකයන්ට නව නිෂ්පාදන පෙළක් 

ශ්‍රි ලංකාවෙි ප්‍රමුඛතම දේශිය කිරි නිෂ්පාදන සන්නාමයක් වන පැල්වත්ත විසින් සිය පාරිභෝගිකයින් වෙනුවෙන් පැල්වත්ත මිරිස් රසැති බටර් , පැල්වත්ත සිලෝන් බටර් සහා පැල්වත්ත එළඟිතෙල් නමින් නවතම නිෂ්පාදන පෙළෙක් වෙළෙඳපලට හදුන්වාදිමෙි වැඩසටහනක් පසුගියදා බණ්ඩාරනායක සමිමන්ත්‍රණ ශාලාවෙිදි (BMICH) පවත්වන ලදී. මෙම වැඩසටහන සඳහා පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා, පැල්වත්ත සමාගමෙි නිලධාරින්, සුපිරි වෙළෙදසැල් නිලධාරින්, සුපවෙිදින් මෙන්ම පැල්වත්ත නිෂ්පාදන බෙදාහරින්නන් හා නියෝජිතයන් රැසක් සහාභාගි විය. 

පැල්වත්ත සමාගමෙි සභාපති ආරියශිල වික්‍රමනායක මහතා මෙම අවස්ථාව පිළිබඳව මෙසේ සිය අදහස් දැක්විය. ” අපගේ පාරිභෝගිකයින් වෙනුවෙන් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්ත නව නිෂ්පාදන පෙළක් හඳුන්වාදිමට හැකිවිම ගැන අප බෙහෙවින් සතුටු වෙනවා. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයත් සමඟ පාරිභෝගිකයින් වෙනුවෙන් සාධාරණ මිල ගණන් යටතේ මෙි නිෂ්පාදනයන් මෙි වසරේ සිට වෙළෙදපලට නිකුත්කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. මෙි සෑම නිෂ්පාදනයක්ම ඉහළ දේශිය කිරි යොදාගනිමින් ඉහළ පෝෂණ ගුණයෙන් යුක්තව පාරිභෝගිකයින් වෙත ලබාදිම සිදුකරනවා.” 

අද වනවිට බොහෝදෙනා කෙටි ආහාර සහා පෙර සුදානමි කරන ලද ආහාර භාවිතයට පෙළෙඹි ඇත. මෙම නිසාම පැල්වත්ත පාරිභෝගිකයන් වෙනුවෙන් නිෂ්පාදන රැසක් හදුන්වාදිමට කටයුතු කර තිබෙි. එසේම මෙදින ලුණු , බැඳපු ස්වභාවික මිරිස් කුඩු සහා මිරිස් කැබැලි යොදාගෙන ග්‍රෑමි 200 ක ඇසුරුමක් ලෙස නිෂ්පාදිත පැල්වත්ත මිරිස් රසැති බටර් වෙළෙදපලට හදුන්වාදිම සිදුවිය. මෙමඟින් සැර හා ලුණු රසට කැමැති පාරිභෝගිකයන්ගේ ආහාරවෙිලෙහි නව පෙරළියක් ඇති කරනු ඇතැයි පැල්වත්ත සහතික වෙි. 

එසේම මෙම වැඩසටහනේදි පැල්වත්ත සිලෝන් බටර් ග්‍රෑමි 10 ක නව ඇසුරුම ද වෙළෙදපලට හදුන්වාදිම සිදු වු අතර එය 82% පිරිසිදු ශ්‍රි ලාංකිය කිරි මෙිදය ප්‍රමාණයක්, 16% ට අඩු ඝන කිරි මෙිද ප්‍රමාණයක් සහා 1.35% ට වඩා අඩු ලුණු ප්‍රමාණයක් යොදාගනිමින් 16% වඩා අඩු තෙතමනයක් යටතේ නිෂ්පාදනය කෙරේ.එමෙන්ම පැල්වත්ත එළඟිතෙල්  ග්‍රෑමි 500 නව ඇසුරුමක් එළි දැක්විමද මෙහිදි සිදු වු අතර, එය 99% ක පිරිසිදු දේශිය කිරි මෙිදය සමඟින්  0.5 අඩු තෙතමනයක් යටතේ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයින් වෙත නිකුත් කරනු ලබයි.  

සියල්ලන්ටම අවැසි පරිදි විවිධ රසයන්ගෙන් යුත්,  පැල්වත්ත නිෂ්පාදන වලට ප්‍රිය කරන පිරිස ඉතා බහුලය. සන්නාමයක් ලෙස පැල්වත්තෙහි දිගුකාලීන ගමන්මගට ඔවුන්ගේ දායකත්වය අපමණය. පැල්වත්ත හුදෙක් කිරි නිෂ්පාදනයන් සැපයීමම පමණක් නොව, සෑම කෙනෙකුගේම විවිධ රසයන්ගේ, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස සිය නිෂ්පාදනයන් කරන නිසාවෙන්,  වෙළඳපල තුල නායකත්වයක් හොබවන සන්නාමයක් බවට පත්වී තිබේ.