𝑺𝒕𝒂𝒚 𝒖𝒑𝒅𝒂𝒕𝒆𝒅 𝒘𝒊𝒕𝒉 𝒍𝒂𝒕𝒆𝒔𝒕 𝒃𝒖𝒔𝒊𝒏𝒆𝒔𝒔 𝒏𝒆𝒘𝒔

Sinhala

කාර්යක්ෂමතාව ඉහළ නංවන Huawei Nova 7 SE, FreeBuds 4i සහ Huawei Band 6

Smart Life සංකල්පය යටතේ Huawei සමගම මේ වනවිටත් විවිධ වූ ස්මාර්ට් උපාංග වෙළදපොළට නිකුත් කරමින් පවතී. මෙම ස්මාර්ට් උපාංග භාවිතා කරන්නන් අතර ප්‍රචලිත අතර එමගින් වැඩ කාර්යක්ෂම සුවපහසු ජීවන රටාවකට මග පාදන වග නොරහසකි. මෙම Huawei උපාංග අතර මෑත කාලීනව ජනප්‍රිය වූ උපාංගයන් වන HUAWEI FreeBuds 4i  සහ  Huawei Band 6 , Huawei Nova 7 SE  5G ස්මාර්ට් දුරකථනය  හා සම්බන්ධ කර වඩා කාර්යක්ෂම හා ඵලදායි ලෙස කාර්යයන් කරගැනීමේ හැකියාව පාරිශිලකයින්ට හිමිවේ .

Huawei Nova 7 SE  5G ස්මාර්ට් දුරකථනය කාර්යක්ෂමතාව අතින් ඉතා ඉහළ දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. Space Silver, Crush Green සහ  Midsummer Purple යන මනරම් වර්ණ ත්‍රිත්වයකින් වෙළඳ පොළට පැමිණෙන Huawei Nova 7 SE  හි අලංකාර සහ ශක්තිමත් නිමාව පරිශීලකයින් අතර වඩාත් කතාබහට ලක්ව ඇත. විශේෂයෙන්ම අල්ලා ගැනීමට ඉතා පහසු සිහින් නිමාව, 3D glass මතුපිට සහ සැහැල්ලු බර, පරිශීලකයින්ගේ එදිනේදා ස්මාර්ට් දුරකථන කාර්යන් සඳහා විශාල පහසුවක් සපයනු ඇත.

2400×1080 පික්සල්  resolution සහිත, 90% screen to body ratio සමඟින් පැමිණෙන Nova 7 SE හි අඟල් 6.5ක LTPS Full HD display පරිශීලකයාට පුළුල් ලෙස තිරය භාවිත කිරීමේ හැකියාව ලබා දේ. මෙය ජංගම දුරකථන ක්‍රීඩා වල නිරතවන්නන්ට සහ නිතරම වීඩියෝ වැනි දෑ නරඹන්නන්හට වඩාත් සුභදායක ආරංචියක් වනු ඇත.   Huawei විසින්  powerful AI හැකියාවන් සහ ඒ හරහා වැඩි දියුණු කරල ලද විශේෂාංග සමඟින් mobile photography වලදී පැන නගින විවිධ ගැටළු විසඳුම් ලබාදී තම පාරිභෝගිකයන්ට උසස් photography අත්දැකීමක් ලබා දීමට Huawei Nova 7 SE හරහා කටයුතු කර ඇත.  Huawei NOVA 7SEහි ඇති AI තාක්ෂණය ඔස්සේ බල ගැන්වෙන 64MP (High resolution Lens, f/1.8 aperture) Quad Camera,  Main Camera, 8 MP (Ultra Wide Angle Lens, f/2.4 aperture), 2 MP (bokeh lens, f/2.4 aperture) සහ  2 MP (Macro lens, f/2.4 aperture), දවසේ ඕනෑම වෙලාවක ඉතා පැහැදිළි තත්වයේ අලංකාර ඡායාරූප ලබා ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි කර දේ.

Autofocus සහ Huawei AI image stabilization සඳහා Huawei NOVA 7SEහි rear camera සහය දක්වන අතර 960 fps slow motion 4K වීඩියෝ පටිගත කිරීමට ඒවා උපකාරී වේ. 16 MP (f/2.0 aperture) shooter සමගින් එන Nova 7 SE හරහා ඉහළ ගුණත්වයෙන් යුත් ස්වභාවික සෙල්ෆි ඡායාරූප ලබා ගැනීම පහසු කරයි.තවද රාත්‍රී කාලයේ වුවද ඉතා ඉහළ ගුණත්වයෙන් යුත් ඡායාරූප ලබා ගැනීම පහසු කරන BM3D denoising algorithm විශේෂාංගය මෙහිදී සුවිශේෂී වේ.  මේ හේතුවෙන්  මොබයිල් ෆොටෝග්‍රෆි සඳහා ප්‍රිය කරන, වීඩියෝග්‍රෆි සිදු කරන සියලුම දෙනා සඳහා Huawei NOVA 7SE කදිම  ස්මාර්ට් දුරකථනයක් වනවා නොඅනුමානයි. 

Huawei Nova 7 SE හි 8GB RAM සහ  128GB ඉහළ  මතක ධාරිතාවය කිසිඳු තාක්ෂණික අවහිරතාවයකින් තොරව පරිශීලකයාට සුමට ලෙස දුරකතනයේ කාර්යන් සිදු කිරීමට අවස්ථාව ලබා දේ. EMUI 10.1 (Android 10) මත පදනම් වූ Huawei Nova 7 SE, Kirin 820 7nm 5G chipset මඟින් බලගන්වා ඇති අතර මේ තුළින් ඉහළ කාර්යක්ෂමතාවයකින් යුතුව ස්මාර්ට් දුරකථනය භාවිත කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ.  Huawei Nova 7 SE හි 40W Huawei SuperCharge පහසුකම දැන් අවම වෙලාවක් තුලදී දුරකථනය charge කරගැනීමේ හැකියාව ලබා දෙන අතර එහි 4000 mAh දිගු කාලීන බැටරි ධාරිතාවය දිනකටත් වඩා වැඩි කාලයක් දුරකතනයේ කාර්යන් සිදු කිරීම පහසු කිරීමද විශේෂත්වයකි.  

Huawei Band 6 යනු විශාල තිරයක් සහිතව වෙළදපොළට පැමිණි පළමු fitness band එක වන අතර අඟල් 1.47 ක AMOLED Full Display එකක් සහ  64% ක screen-to-body අනුපාතයක් මෙහි පවතී. එපමණක් නොව, HUAWEI Band 6 හි සති දෙකක බැටරි ආයු කාලයකින් යුතු වීම වඩා විශේෂ තවත් එක් වාසියකි.

නිවැරදි සෞඛ්‍ය මිනුම් සහ පැළදීමේ සුවපහසුව fitness band සදහා  ඉතා වැදගත් වේ. මෙය මනාව පිළිබිඹු වන සේ සකසා ඇති  HUAWEI Band 6 විවිධ සංවේදක තාක්ෂණයන් සඳහා අතිශයින්ම ඉහළ අවශ්‍යතා සපුරාල අතර බරින් ග්‍රෑම් 18 ක් පමණක් වන අතර එය දවස පුරා පහසුවෙන් පැළදිය හැකි ලෙස සහ නිවැරදි සෞඛ්‍ය මිනුම් සහිතව නිපදවා ඇත . HUAWEI Band 6 යනු දවස පුරා SpO2 අධීක්ෂණයට  (All-Day SpO2 monitoring) සහය දක්වන පළමු Huawei  fitness band එක වේ .HUAWEI Band 6 තවත් එක් fitness band එකක් පමණක් නොවන අතර  හෘද ස්පන්දන වේගය, නින්දේ ගුණාත්මක බව , ආතතිය සහ ඔසප් චක්‍රය නිරීක්ෂණය කිරීම වැනි පූර්ණ පරාසයක සෞඛ්‍ය නිරීක්ෂණ අංගයන් පරිශීලකයින්ට සපයයි.

මෙපමණක් නොව HUAWEI Band 6 මඟින් පරිශීලකයින්ට  ව්‍යායාම කිරීමට පහසු  වන ලෙස වෘත්තීය මට්ටමේ උපදේශකයකු ලෙස කටයුතු කරමින් ව්‍යායාම ක්‍රම 96 ක් සදහා දත්ත උපයෝගී කරගනිමින් ප්‍රශස්ථ අධ්‍යන වාර්තාවක් ලබාදේ.

Graphite Black, Amber Sunrise, Sakura Pink සහ  Forest Green යන වර්ණ සතරකින්  HUAWEI Band 6 ලබාගත හැකි අතර පරිශීලකයාගේ සිතැගි පරිදි කැමති වර්ණයක් තෝරාගැනීමේ හැකියාව ඔවුනට හිමිවේ .

විශාල display එකක් සහිත HUAWEI Band 6 දිගු බැටරි ආයු කාලයකින් සමන්විත වීම තවත් එක් විශේෂත්වයකි . ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් chipset එකකින්  සහ smart power-saving ඇල්ගොරිතමයකින්  HUAWEI Band 6 අඛණ්ඩව එක් charge කිරීමකින්  දින 14 ක භාවිතාකල බැටරි ආයු කාලයකින් සමන්විත වේ .  HUAWEI Band 6 අඛණ්ඩව හෘද ස්පන්දන වේගය සහ නින්ද නිරීක්ෂණය කරමින් පළදින්නගේ සෞඛ්‍ය දත්ත නිරවද්‍යව ලබාදේ.  HUAWEI Band 6 දැන් දවස පුරා (SpO2) රුධිරයේ ඔක්සිජන් ප්‍රමාණය අධීක්ෂණයට සහය දක්වයි. එය පරිශීලකයින්ගේ සෞඛ්‍යයට මනා පිටුවහලක් වන අතර රුධිරයේ ඔක්සිජන් මට්ටම අඩු වූ විට අනතුරු ඇඟවීමේ සංඥාවක් ද නිකුත්කරයි. මෙම නිසා ඉක්මන් ක්‍රියාත්මක වී  සෞඛ්‍යය අවධානමෙන් ගැළවීමට පරිශීලකයාට හැකියාව හිමිවේ .

HUAWEI Band 6 හි fitness විශේෂාංගයන් පරිශීලකයින්ට නවමු අත්දැකීමක් ගෙන එයි. ගෘහස්ථ හා එළිමහන් ධාවන, පාපැදි, සහ rope skipping වැනි වෘත්තීය ව්‍යායාම ක්‍රම 11 ක් සහ  fitness, ball games සහ නැටුම් වර්ග ඇතුළුව සිතැගි පරිදි වෙනස් කරගත හැකි modes 85 ක්ද , මීට අමතරව ව්‍යායාම කටයුතු අධීක්ෂණය කිරීමේ හැකියාවද මෙම ස්මාර්ට් බෑන්ඩ් එක සතුව ඇත.

HUAWEI Band 6 විශාල තිරයකින්ද, අසමසම බැටරි ආයුකලයකින්ද, විශාල පරාසයකින් යුතු ව්‍යායාම් නිරීක්ෂණ ක්‍රමවේදයකින් සමන්විත වේ.  HUAWEI Band 6  හි ඇති  24/7 සෞඛ්‍ය කළමනාකරණය ක්‍රමවේදය සුවිශේෂී වේ .රුධිරයේ පවතින ඔක්සිජන් මැනීමේ තාක්ෂණය (SPO2 Monitoring ) , හෘද ස්පන්දන වේගය අධීක්ෂණය, මානසික ආතතිය අධීක්ෂණය , නින්ද කළමනාකරණය සහ ඔසප් චක්‍රය අධීක්ෂණය කිරීම යනාදී විශේෂාංගයන් නිසා මෙම HUAWEI Band 6 සුවිශේෂී ස්මාර්ට් බෑන්ඩ් එකක් බවට පත්වේ.

HUAWEI FreeBuds 4i, බලවත් බැටරි ආයු කාලයක්, සක්රීය ශබ්ද අවලංගු කිරීම (ANC), විලාසිතාමය නිර්මාණය සහ විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. HUAWEI FreeBuds Series හි සුවිශේෂී Active Noise cancellation(ANC) විශේෂාංගය සමග එන HUAWEI FreeBuds 4i , බලවත් බැටරි ආයු කාලයකින් සමන්විත අතර විශිෂ්ට ශ්‍රව්‍ය ගුණාත්මකභාවය ලබා දෙයි. මෙහි පවතින්නා වූ විශේෂත්වය නිසාම මෙය වෙළද පොළේ ඉතා ඉහල ඉල්ලුමක් ලබාගනු ඇති බව නොරහසකි.

HUAWEI FreeBuds 4i මයික්රෝෆෝනය හරහා  ambient noise හඳුනාගෙන ප්‍රතිලෝම ශබ්ද තරංගයක් ජනනය කිරීම මගින් එම ශබ්දයන් අවම කරයි. ශබ්දය අවලංගු කිරීමේ ඇල්ගොරිතම මඟින් කාර්යබහුල වෙළඳ සංකීර්ණයක්,ඝෝෂාකාරී පොදු ප්රවාහන මාධ්යයක්, දුම්රිය ස්ථානයක්, කාර්යාලයක් හෝ වෙනත් ඕනෑම ඝෝෂාකාරී ස්ථානයකදී ඉතා පැහැදිලි දුරකථන ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව හිමිකරදේ . මීට අමතරව ඔබ සංගීතය ශ්රවණය කිරීමට ප්‍රිය කෙනෙකු නම් ඕනෑම කලබල කාරී අවස්ථාවක කිසිදු බාහිර ශබ්දයක බලපෑමකින් තොරව නිදහසේ තව සංගීතයට සවන්දීමේ හැකියාව  Active Noise cancellation(ANC) විශේෂාංගය  හරහා හිමි වේ .

ඕවලාකාර හැඩැති,සිත්ගන්නා සුලු මනා නිමාවකින් යුතු HUAWEI FreeBuds 4i  සෙරමික් වයිට්(Ceramic White) සහ කාබන් ක්රිස්ටල් බ්ලැක්(Carbon Crystal Black) සමඟ රතු (Refreshing Red) යන වර්ණ තුනෙන් ලබාගත හැකිය.

මෙහි භාවිතා කර ඇති උසස් තාක්ෂණය නිසා  ඕනෑම වේලාවක සහ ඕනෑම තැනක දී පැහැදිලි ශ්‍රව්‍ය අත්දැකීමක් ලබා දීමට HUAWEI FreeBuds 4i සමත් වේ. HUAWEI FreeBuds 4i හි එක් earbuds එකක දිග මිලිමීටර් 10 වන අතර මෙහි හැඩය සහ ප්රමාණය නිසා  සුළං ශබ්දය අඩු කිරීමේ හැකියාව මෙයට හිමි වේ.

Huawei Nova 7 SE  රු. 68,999 /- මිළකට  Huawei FreeBuds 4i  රු. 20,999/- මිළකට හා HUAWEI Band 6 රු. 15,999/- මිළකට, සියලුම Huawei Experience Centers, දිවයින පුරා පිහිටි සිංගර් ප්‍රදර්ශනාගාර, Daraz.lk හා Singer.lk වෙතින්ද  මිලදී ගත හැකි වේ.